දාහතර වන ශතවර්ෂයේ මැද භාගයේ වසර හතරකට රට පාලනය කළ සිවුවන බුවනෙකබාහු රජතුමා විසින් ගම්පොල අගනුවර කරගන්නා ලදි. ගම්පොල අවසාන රජු වූයේ, පස්වන බුවනෙකබාහු රජතුමාය. එතුමා විසින් වසර 29ක් රට පාලනය කරන ලදි. මෙම කාලය අතරතුර අලගක්කෝනාර නැමැති වංශවතෙකු විසින් වෙනම නගරයක් කෝට්ටේ ඉදිකරන ලදි. දකුණූ ආසියාවේ දිගම සැතපෙන බුද්ධ ප්‍රතිමාව ගම්පොල සාලියාලපුර විහාරයේ වැඩ හිඳීයි.ගම්පොළ නගරය පැරණි සමයේ ගඟසිරිපුර ලෙසද හදුන්වා ඇත. ගම්පොළ රාජධානිය සමයේ බොහෝ සංදේශ කාව්‍ය ලියවී ඇති අතර සිංහලෙන් ලියවූ මුල්ම සංදේශය වන මයුර සංදේශයට ප්‍රධාන තැනක් හිමි වේ. එසේම ගම්පොළ යනු ප්‍රාග් ඓතිහාසික යුග නාමාවලිය ට පවා ඇතුළත් වන නගරයකි. ඇම්බැක්කේ දේවාලය, අම්බලම ආදී කලාත්මක නිර්මාණ ගම්පොළ රාජධානිය සමයේ ඉදි කරඇත. අම්බුලුගල කුමරු කලක් අම්බුලුවාව කන්දේ සිට ගම්පොළ පාලනය කර ඇත
• ස්ථාපිත කළේ ක්‍රි.ව. 1345
• අහෝසි කළේ ක්‍රි.ව. 1406
ක්‍රි.ව. 1341 දී රාජකාරි නගරයක් බවට පත් ගම්පොළ පුරවරයට ඒ නම ලැබුණේ මහවැලි ගඟ අසල ඉදි කළ නිසාය. ගංගා + ශ්‍රී + පුර = ගඟසිරිපුර ලෙස ද ගඟ + පල = ගම්පොළ නමින් ව්‍යවහාරයට පත්විය. IV වන බුවනෙකබාහු රජු ගම්පොළ රාජධානියේ ප්‍රථම නරවරයාය. ඔහු තම රජ මැදුර තනාගත් ප්‍රදේශය අද හඳුන්වන්නේ සිංහාපිටිය නමිනි. එහෙත් එදා ඒ ප්‍රදේශය ගොඩගම නම් විය. සිංහල සන්දේශ සාහිත්‍යයේ ප්‍රථම සන්දේශය ගම්පොළ යුගයේ කවිශ්වර නම් කවියකු විසින් රචිත මයුර සන්දේශයයි. එහි ගම්පොළ රජ මැදුර පිළිබඳ වර්ණනාවක් ඇතුළත් ය. .
| ආරම්භය හා අවසානය | අගනුවර | පොදු භාෂාව |
|---|---|---|
| ක්‍රි.ව. 1345–ක්‍රි.ව. 1406 | ගම්පොල | සිංහල |
| රජු | පාලන සමය |
|---|---|
| පස්වන පරාක්‍රමබාහු | • ක්‍රි.ව. 1345-1359 |
| තුන්වන වික්‍රමබාහු | • ක්‍රි.ව. 1357-1373 |
| පස්වන බුවනෙකබාහු | • ක්‍රි.ව. 1373-1406 |
