English | Tamil | Sinhala


Local Government Week Banner


Image

අපගේ දැක්ම

සලසන සෙත පුරයේ දන වෙත ගඟසිරි පුරයෙහි. "Enriched Prosperity in Gangasiripura City".

Image

අපගේ මෙහෙවර

පුරවැසි දනගේ හිත සුව උදෙසා නිරෝගි බව රකින සුව සහන සේවාද. හරිත ගහකොල පිරුණු සුවදායී දසුනක්ද ගෙවන්නට දහසක් යොදුන් ඉදිකරමින් මංපෙත්ද, අඳුර - වීථි පහන් එළියද පවසට දියවරද, පුරය ක්‍රමවත් කරන ගොඩනැගිලිද, දැනුම් පොත් ශාලාද, ඔබේ සහයද රැගෙන නිරන්තර සලස්වාදීම් අපගේ මෙහෙවරයි

Image

ඉලක්ක

අප විසින් අත්කරගත් ජයග්‍රහණය
2013, 2016, 2018 ජාතික සම්මාන...

Image

සභාපතිතුමා ගම්පොල නගර සභාව

සභාපති: එම්. එම්. පී. ඉරුක මිහිරාන් වීරරත්න
ගම්පොල නගර සභාවේ අභිනවයෙන් පත්වූ ගරු සභාපති 2025

Image

පළාත් පාලන කොමසාරිස්තුමියගේ පණිවුඩය

 මධ්‍යම පළාතේ ඇති මහා නගර සභා 04. නගර සභා 06 හා ප්‍රාදේශීය සභා 37 ක් වූ පළාත් පාලන ආයතන 47 කාර්යක්ෂම, ඵලදායි හා සඵලදායි අන්දමින් ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කිරීමට ව්‍යවස්ථාපිතම නීතියෙන් බැඳී සිටී. එම ජනතා සේවයේ සුඛ විහරණය හා සුභ සාධන කර්තව්‍ය සැලසීමේ මූලික පරමාර්ථයන් ඉටු කිරීමට වර්තමානයේ තොරතුරු තාක්ෂණය ප්‍රධාන මෙවලමක් වී ඇත. එහිදී ගම්පොළ නගර සභාව තොරතුරු තාක්ෂණයේ දොරගුලු විවර කරමින් නව වෙබ් අඩවිය හරහා විශ්ව ගම්මානයේ අත්වැල් බැඳගන්නා වූ මෙම ප්‍රවේශය අතිශයින්ම ප්‍රශංසනීය වෑයමක් ලෙස මා දකිමි.                 එහිදී ගම්පොළ නගර සභාවේ ලේකම්තුමා ඇතුලු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා හට මෙම සමාරම්භය වෙනුවෙන් හෘදයාංගම සුභ පැතුම් එකතු කරන අතර, තොරතුරු තාක්ෂණය උපයෝගි කර ගනිමින් තව තවත් සඵලදායි හා කාර්යක්ෂම ජනතා සේවයක් ලබා දීමට මධ්‍යම පළාතේ පළාත් පාලනය ඉහළින් ඔසවා තැබීමට ඔබ සියලු දෙනා හට ශක්තිය ධෛර්යය පතමි

Image

ලේකම්තුමියගේ පණිවුඩය

ගම්පොල නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මහජන උපයෝගීතා සේවාවන් සැපයීම පිණිස ආදායම් උත්පාදනය හා ආදායම් රැස්කිරීම මගින් සභා අරමුදල ශක්තිමත් කර ඵලදායී කාර්යයන් සඳහා සැලසුම් සහගතව යොදා ගැනීම මහත් භාරදූර වගකීමක් වන අතර එකී කර්තව්‍යයන් මුදුන්පත් කර ගැනීම සඳහා බල ප්‍රදේශයේ ජනතාව විසින් සභාවට ලබාදෙන බදු මුදල් විනිවිදභාවයකින් යුක්තව මහජන සේවාවන් විධිමත් කිරීම සඳහා උපරිම කැපවීමෙන් ක්‍රියා කිරීමට සැදී පැහැදී සිටින්නෙමු.

Map of Gampola Urban Council