ඔබත් ගම්පොල නගරය දේශගුණික විපර්යාසවල බලපෑමෙන් සහ ආපදා අවදානම්වලින් ආරක්ෂා කරගැනීම සඳහා කැපවීමෙන් සහ ධෛර්යයෙන් යුතු ව දායකවිය හැකි තරුණ කණ්ඩායමක් නම්, මේ ඔබගේ අවස්ථාවයි!
ජාත්‍යන්තර බ්ලූම්බර්ග් පදනම (Bloomberg Philanthropies) විසින් බලගන්වන දේශගුණික ක්‍රියාකාරකම් සඳහා වන තරුණ සාමූහිකයේ ගෝලීය අරමුදල (Youth Climate Action Fund - YCAF) හරහා ලබාදෙන ආධාර මුදලින් ඔබගේ විශිෂ්ට අදහස් බලගන්වමින් අපේ ගම්පොල නගරය ආරක්ෂා කරන නියමුවන් වීමට අපි ඔබට සාදරයෙන් ඇරයුම් කර සිටින්නෙමු.
වැඩිදුර තොරතුරු සඳහා පහත ලේඛන සහ අයදුම්පත බාගත කොට කියවන්න.